News Line| Off Air
Generic placeholder image

Apr
20

කොරෝනා රෝගීන් ගණන 303ක් දක්වා ඉහළට

825 Views


කොරෝනා රෝගීන් ගණන 303ක් දක්වා ඉහළට

අද(20) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මෙම ආසාදිතයින් 8 දෙනාද කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් බවට වාර්තා වෙයි

ඒ අනුව ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 303 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද උදෑසන තවත් කොරෝනා ආසාදිතයින් 24 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව අද දිනය තුළ පමණක් නව ආසාදිතයින් 32 ක් හඳුනා ගනු ලැබීය. අද උදෑසන වාර්තා වු සියලුම රෝගීන් හමු වී ඇත්තේ කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසකි.

මේ අතර පුද්ගලයින් 97 ක් දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවත් පුද්ගලයින් 199 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මේ වන විට කොරෝනා ආසාදිත මරණ 7 ක් ලංකාවෙන් වාර්තා වී ඇත.


News Articles
Latest Videos
Most Popular Post