News Line| Off Air
Generic placeholder image

Apr
20

ඉන්දියාවෙන් දිනකදී වාර්තා වන වැඩිම කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව අද වාර්තා වෙයි

2013 Views


ඉන්දියාවෙන් දිනකදී වාර්තා වන වැඩිම කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව අද වාර්තා වෙයි

ගතවු පැය 24 තුල ඉන්දියාවෙන් නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 1,553 දෙනෙක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ වාර්තා කළා.

එක් දිනයක් තුල ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මෙය වන බව එරට සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසුවා.

මේ වන විට එරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 543ක් වන අතර ආසාධිතයින් ගණන 17,265ක්.

කොරෝනා වෛරසය පාලනය කිරිම සඳහා ඉන්දීය රජය මාර්තු 24 වෙනිදා සිට සියලු ගමන් බිමන් තහනම් කරමින් දැඩි නීති පනවා තිබුණා.

නමුත් රටේ නිෂ්පාදනය සහ ආරථිකය යථාවත් කිරිම සඳහා කෘෂි කර්මාන්තය සහ කර්මාන්තශාලා අද සිට විවෘත කිරිමට එරට රජය අවසර ලබාදී ඇති අවස්ථාවේදී මෙලෙස වැඩි කොරෝනා ආසාධිතයින් පිරිසක් වාර්තා වීම ගැන එරට මාධ්‍ය තුල දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

සේවකයින්ට තමන් සේවය කරන කර්මාන්තශාලා වෙත යාමට අවසර හිමිවුවත් ඔවුන්ට වෙනත් ප්‍රාන්තයන් වෙත යාමට අවසර හිමිවන්නේ නැහැ. එම නිතිය එරට රැඳී සිටින විදේශිය සේවකයින්ටද ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post