News Line| Off Air
Generic placeholder image

Apr
21

ජීවනෝපාය අහිමි වු අනු පවුල් ඒකක සඳහාත් 5000 දීමනාව ගෙවීමට පියවර

1326 Views


ජීවනෝපාය අහිමි වු අනු පවුල් ඒකක සඳහාත් 5000 දීමනාව ගෙවීමට පියවර

ජීවනෝපාය අහිමි වූ පවුල් ඒකක සඳහා ගෙවනු ලබන රුපියල් 5000ක දීමනාව ගෘහ මූලික ලැයිස්තුවේ ඇති පවුල් ඒකකයක සිටින අනු පවුල් සඳහා ද ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව පවුල් ඒකකයක් තුළ සිටින විශේෂයෙන් වෙන්කර හදුනාගත හැකි පවුල්, විදේශ රැකියා සදහා විදේශ ගත වු පුද්ගලයන් සිටින, ආර්ථික දුෂ්කරතා ඇති පවුල්, පුද්ගලික අංශයේ ඇගලුම් කාර්මාන්ත ශාලා වැනි රැකියාවල නිරත අප්‍රේල් මස වැටුප නොලැබූ හෝ රුපියල් 5000ට වඩා අඩුවෙන් වැටුප් ලැබූ පුද්ගලයන් සිටින පවුල් අදාළ දීමනාව සදහා සුදුසුකම් ලබයි.

ඊට අමතරව විවිධ විශ්‍රාම වැටුප් ක්‍රම මගින් මාසික විශ්‍රාම වැටුප රුපියල් 5000ට වඩා අඩු විශ්‍රාම වැටුපක් අප්‍රේල් මස ලැබූ අයෙකු සිටින පවුල් සඳහා ද වැවිලි ක්ෂේත්‍රයේ අනියම්, ආදේශ, තාවකාලික වැටුප් ලැබූ අයෙකු සිටින පවුල් මෙන්ම සුදුසුකම් සපුරා ඇති එහෙත් මෙතෙක් රුපියල් 5000 දීමනාව නොලැබු පවුල් වෙත ද අදාළ දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා ඉදිරිපත්වන අභියාචනා ග්‍රාමිය කමිටුවට ඉදිරිපත් කළ හැකි වන අතර එම පවුල් සඳහා ද හෙට(22) දිනට පෙර මුදල් ගෙවා අවසන් කළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී


News Articles
Latest Videos
Most Popular Post