News Line| Off Air
Generic placeholder image

Apr
21

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලක්ෂ 25 කට ආසන්න වෙයි

636 Views


ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලක්ෂ 25 කට ආසන්න වෙයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 25න් ලක්ෂයකට ආසන්න වී තිබෙනවා.

අද(21) උදෑසන වන විට ආසාදිතයින් 24 ලක්ෂ 80,165 දෙනෙකු හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉන් සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව හය ලක්ෂ 46,248ක් වන අතර කොරෝඅනා ආසාදිතයන් ලොව පුරා එක්ලක්ෂ 70,370 ක් මේ වන විට මියගොස් තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේ ද අමෙරිකාවෙන් වැඩිම ආසාදිතයන් හා වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුණා.

මේ වන විට අමෙරිකාවේ පුද්ගලයන් හත් ලක්ෂ 92,759 දෙනෙකු ආසාදිතයන් බවට පත්ව ඇති අතර මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 42,514ක්.

ස්පාඤ්ඤය ද ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා තිබෙනවා.

එරට තුළ මරණ 20,852ක් ද සිදුව ඇති බව වාර්තා වනවා.

මීට අමතරව ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය සහ බ්‍රිතාන්‍යය ආසාදිතයින් ලක්ෂය ඉක්මවු රටවල් බවට පත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post