තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද (21) දිනයට සිව් දෙනෙක් සුවය ලබා ඇති අතර සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 102ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයට කොරෝනා ආසාදිතයින් හය දෙනකු වාර්තා වන අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව 310 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනය තුළ වාර්තා වු රෝගීන් පස් දෙනෙක් කොළඹ 12, බණ්ඩාරනායක මාවත, ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අනෙක් රෝගියා රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වන අතර කොරෝනා ආසාදිත පුද්ගලයෙකු ළඟින් ඇසුරු කළ අයෙක් බවද පැවසෙයි.