News Line| Off Air
Generic placeholder image

Apr
22

ඊයේ වරකාපොල ප්‍රදේශයෙන් හඳුනාගත් කෙරෝනා ආසාදිතයා IDH රෝහලට

831 Views


ඊයේ වරකාපොල ප්‍රදේශයෙන් හඳුනාගත් කෙරෝනා ආසාදිතයා IDH රෝහලට

වරකාපොල ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ්-19 වෛරස ආසාදිතයා, මීට පෙර වෛරසය ආසාදනය වූ කටුනායක ගුවන් තොටුපලේ සේවිකාව නවාතැන් ගෙන සිටි නිවසේ පුද්ගලයෙකු බව අනාවරණය වී තිබෙනවා.

එම ආසාදිතයා ඊයේ(21) රාත්‍රි අයි.ඩී.එච් රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

කටුනායක ගුවන් තොටුපලේ සේවිකාවකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගැනීමත් සමඟ ඇය සිටි නිවසේ පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පසුගියදා පියවර ගත්තා.

එලෙස නිරෝධායනයට ලක් කළ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වුණා.

අදාල නිවසේ සිටින තවත් පුද්ගලයින් දෙදෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර ඇති අතර එහිදී ඔවුන්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නැහැ.

කෙසේවෙතත් ඔවුන් තවදුරටත් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post