විදේශ රටවල රැදි සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් හෙට(23) මෙරටට ගෙන්වා ගැනීමට නියමිතව තිබේ. ඉන්දියාවේ රැදි සිටි සිසුන් 101 දෙනෙකු මෙලෙස රැගෙන ඒමට නියමිත බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහන් කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 146 දරණ ගුවන් යානය මගින් ඉන්දියාවේ අමරිට්සර් සිට මෙම සිසුන් පිරිස දිවයිනට රැගෙන ඒමට නියමිත බව එම සමාගම පවසයි.
පාකිස්ථානයේ රැදි සිටි ශ්‍රී ලාංකික සිසුන් 113 දෙනෙකු ඊයේ රාත්‍රි දිවයිනට රැගෙන ඒමට පියවර ගෙන තිබුණි.
පාකිස්ථානයේ ලාහෝර් නුවර රැදී සිටි සිසුන් 93 දෙනෙකු සහ කරච්චි නුවර රැදී සිටි 20 දෙනෙකු ඊයේ දිනයේ දිවයිනට රැගෙන ආ පිරිස අතර වන බව සඳහන්ය.
එම පිරිස සෞඛ්‍ය අංශ උපදෙස් මත ශ්‍රි ලංකා යුධ හමුදාව විසින් පුනානි හා වෛකාල් නිරොධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරිමට පියවර ගෙන තිබුණි.
මීට අමතරව ඉන්දියාවේ කොයිම්බතූර් සිට ශ්‍රී ලාංකිකයින් 117 දෙනෙකු සහ නේපාලයේ කත්මණ්ඩු සිට තවත් පුද්ගලයින් 93 දෙනෙකු රැගත් ගුවන් යානයක් අප්‍රේල් මස 24 වන දින ද දිවයිනට පැමිණීමට නියමිතයි.