News Line| Off Air
Generic placeholder image

Apr
22

ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන ජංගම වෙළෙඳුන්ට වැඩ වරදී

867 Views


ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන ජංගම වෙළෙඳුන්ට වැඩ වරදී

කොරෝනා වෛරසය පාලනය කිරීම හමුවේ ජංගම වෙළෙඳුන්ට අනිවාර්යය උපදෙස් මාලාවක් ලබා දී තිබෙනවා. ඒ වෙළෙඳාම් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු නොකිරීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව වෙත වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් මතුව තිබීම හේතුවෙන්.

ඒ අනුව පොලිසිය විසින් එම ජංගම වෙදුන්ට ලබා දී ඇති උපදෙස් මාලාව නම්, පිරිසිදු ඇඳුමින් සැරසී සිටීම, පා වැසෙන පරිදි සපත්තු හෝ සුදුසු පාවහන් පැළඳීම, වෙළෙඳාම් කටයුතු සිදු කරන අවස්ථාවේ මුඛ ආවරණ සහ අත් ආවරණ පැළඳීම, විෂබීජානුහරණ දියර භාවිත කිරීම, බේකරි නිෂ්පාදන, පිසූ ආහාර ආදිය අලෙවි කරන්නේ නම් ඒවා අතින් ඇල්ලීම නොකර පාරිභෝගිකයින් වෙත ලබාදීම සඳහා අවශ්‍ය උපකරණ භාවිත කිරීම, ආහාර සහ භාණ්ඩ අලෙවි කිරීමේදී කඩදාසි හෝ වෙනත් ආවරණ තුළට දමා අලෙවි කිරීම අනුගමනය කළ යුතු උපදෙස් අතර වේ. පොලීසිය පැවසුවේ, මුදල් ස්පර්ෂ කිරීමෙන් පසු එම අතින්ම ආහාර ද්‍රව්‍ය, භාණ්ඩ හෝ ආවරණ ස්පර්ශ කිරීමෙන් වැළකීම, ආහාර මිලදී ගැනීම සඳහා පැමිණෙන මහජනතාවට ආහාර ඇල්ලීමට ඉඩ නොදීම, මහජනතාව ආහාර හා භාණ්ඩ අලෙවි කරන වාහන අසළ රැඳී සීටීමේදී මීටරයක පරතරය පවත්වාගෙන යාම ද ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළෙඳුන් අනුගමනය කළ යුතු උපදෙස් අතර වන බවයි.

මේ උපදෙස් අනුගමනය නොකරන සියලු ජංගම වෙළදුන්ට අද සිට ඇඳිරි නීති බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන බව ද පොලීසිය වැඩි දුඅරත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post