News Line| Off Air
Generic placeholder image

Apr
23

කොරෝනා ආසාදිතයින්ගේ තවත් රෝග ලක්ෂණයක් අනාවරණය වෙයි

1348 Views


කොරෝනා ආසාදිතයින්ගේ තවත් රෝග ලක්ෂණයක් අනාවරණය වෙයි

රස සහ සුවඳ නොදැනීම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට තවත් නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඉතාලියේ පර්යේෂකයින් පිරිසක් විසින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 200ක පිරිසක් ආශ්‍රයෙන් සිදුකරන ලද පර්යේෂණයක දී මෙම තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් වාර්තා පැවසුවා.

ඒ අනුව එම පර්යේෂණයට යොදාගත් ආසාදිතයින්ගෙන් සියයට 67කටම රස හා සුවඳ නොදැනෙන බවට නිරීක්ෂණය වී තිබෙනවා.

මීට පෙර ලන්ඩන්හි සිදුකළ පර්යේෂණයකින් ද මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post