News Line| Off Air
Generic placeholder image

Apr
23

ඉන්දියාවේ සිටින සිසුන් 102 ක් අද දිවයිනට

498 Views


ඉන්දියාවේ සිටින සිසුන් 102 ක් අද දිවයිනට

ලොව පුරා පැතිර යමින් පවතින කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායමක් අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව ඉන්දියාවේ පන්ජාබ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකසිය දෙදෙනෙකු අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.

විදේශ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ එහි පළමු කණ්ඩායම පෙරේදා දිනයේ පාකිස්ථානයේ ලාහෝර් සහ කරච්චි නුවර සිට දිවයිනට පැමිණියේය.

ඒ අනුව ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට මේ වන විට අවශ්‍ය පියවර ගෙන තිබේ.

මේ අතර අද දිනයේ දිවයිනට පැමිණෙන සිසුන් ද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post