News Line| Off Air
Generic placeholder image

Apr
24

කොරෝනා පරික්ෂාව සදහා එක් පුද්ගලයෙකු වෙනුවෙන් රු.6000 ක පිරිවැයක්

875 Views


කොරෝනා පරික්ෂාව සදහා එක් පුද්ගලයෙකු වෙනුවෙන් රු.6000 ක පිරිවැයක්

කොරෝනා වෛරසය තහවුරු කෙරෙන පී.සී.ආර් පරීක්‍ෂණය සදහා එක් පුද්ගලයෙකු වෙනුවෙන් රජයට වැයවන පිරිවැය රු.6000 කට අධික බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදත් සමරවීර සදහන් කළා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ නියාමනය යටතේ පෞද්ගලික අංශයේ රෝහල් කිහිපයකද ඉදිරියේදී පී.සී.ආර් පරීක්‍ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බව අධ්‍යක්‍ෂකවරයා වැඩිදුරටත් පැවසුවා.

පී.සී.ආර් පරීක්‍ෂාව සදහා පෞද්ගලික අංශ සම්බන්ධ කරගැනීමේ අරමුණ වන්නේ දිනක පරීක්‍ෂණ සංඛ්‍යාව 1000 දක්වා වැඩිකර ගැනීම බව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මීට ඉහතදී සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post