තේ වත්තක සැරිසරමින් සිටි තවත් කදුකර කොටියෙකු අද දින මන්දකට හසුව ඇති බව නල්ලතන්නි වනජීවි කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්‍ෂක ප‍්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසුවා.
හැටන් පොලිස් වසමට අයත් දික්ඔය දරවල වත්තේ මෙසේ කදුකර කොටියා මන්දකට හසුවී ඇති බවයි වනජීවි නිළධාරීන් කියා සිටියේ.
තේ වත්තේ සැරිසරන වල් ඌරන් දඩයම් කිරීමට කිසියම් පිරිසක් විසින් ගසක අටවන ලද මන්දකට කදුකර කොටියා ඊයේ රාති‍්‍රයේ හසුව ඇති බවත් කොටියාගේ ගොරවන හඩ ඇසී වතු කම්කරුවන් මේ පිලිබද හැටන් පොලිසියට සහ නල්ලතන්නි වනජීවි කාර්යාලයේ නිළධාරීන් දැනුවත් කර තිබෙනවා.
වනජීවි නිර්වින්දන පශු වෛද්‍යවරයෙකුගේ සහයෝගය ලබාගෙන මන්දට හසුවී සිටින කදුකර කොටියා මුදාගැනීමට කටයුතු කරන බව වනජීවි නිළධාරීන් කියා සිටියා.
ඉකුත් සතියේද මස්කෙලිය ගාඩ්මෝර් තේ වත්තේ තම්බතැන්න කොටසේ මෙවැනිම කොටියෙකු මන්දකට හසු වී සිටියදී වනජීවි නිළධාරීන් විසින් කොටියා මන්දෙන් මුදාගෙන වැඩිදුර ප‍්‍රතිකාර සදහා රණ්දෙනිගල වනජීවි පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යමින් සිටියදී මිය ගියා.