News Line| Off Air
Generic placeholder image

Apr
25

විදුලි බිලට කිසිදු අමතර ගාස්තුවක් එකතු කරන්නේ නෑ – මහින්ද අමරවීර

685 Views


විදුලි බිලට කිසිදු අමතර ගාස්තුවක් එකතු කරන්නේ නෑ – මහින්ද අමරවීර

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා විදුලි බිල්පත් දැනට විදිමත් ව ලබා දීමක් සිදු නොකරන බැවින් මාස දෙක තුනක බිල්පත් එකතු කර අමතර ගාස්තුවක් ද සහිතව එක්වර විශාල මුදලක් තමන්ට ගෙවන්නට සිදුවේ යැයි මේ දිනවල නිරන්තරයෙන් මහජනතාව විදුලිබල අමාත්‍යාංශය හා විදුලි බල මණ්ඩලයෙන් විමසීම් කරනු ලබයි.

මෙම කාරණය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලි බල මණ්ඩලයේ නිලධාරින් සමග පසුගියදා 23 දා සාකච්ඡා කළේය.

එහිදි අමාත්‍යවරයා උපදෙස් දෙන ලද්දේ දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල පාරිභෝගිකයින්ට විදුලි බිල්පත් නොලැබෙන අතර, ලැබුනත් ඒ්වා ගෙවීමට හැකියාවක් නැති බවයි.

එහෙත් ඇතැම් අය ඔන්ලයින් ක්‍රමයට ගෙවීම් කරන අතර පාරිභොගිකයින් විශාල පිරිසකට එසේ කිරීමට හැකියාවක් නැත.

එමනිසා මාසික විදුලිබිලට අමතර කිසිදු අමතර ගාස්තුවක් එකතු නොකරන ලෙසත්, කිසිසේත් ම විදුලිය විසන්ධි කිරීම සඳහා රතු බිල් නිකුත් කිරීමට පියවර නොගන්නා ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

එහෙත් දැනට ඇඳිරි නීතිය ලිහිල් කර තිබෙන ප්‍රදේශවල ජනතාවට විදුලි බිල්පත් ලබා දීමට හා ඔවුන්ට ඒ්වා ගෙවීමට හැකියාව ඇති බැවින් එම මුදල කොටස් වශයෙන් ගෙවීමට හෝ අවස්ථාව ලබා දීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

විදුලි බල මණ්ඩලය දැනට පාඩු පිට පවත්වාගෙන යන රාජ්‍ය ආයතනයක් බැවින් විදුලි බිල ගෙවීමට පියවර ගැනීම මහජනතාවගේ වගකීමක් වේ.

මෙම කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලි බල මණ්ඩලය පවසන්නේ දැනට කාර්යාලවලට හෝ සේවා ස්ථානවලට නොගොස් පවුලේ අය නිවසේ වෙන දිනවලට වඩා රැඳී සිටීම නිසා ගෘහස්ථ විදුලිබලය භාවිතය ඉහළ ගොස් ඇති බවයි.

දවස පුරා විදුලි පංකා ක්‍රියාත්මක කිරීම, ඇතැම් නිවාසවල වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම මෙන්ම පරිගනක ක්‍රියාත්මක කර තිබීම වැනි විදුලි බලය භාවිතය නිසා අන් මාසවලට වඩා මාර්තු හා අප්‍රේල් මාස වල ගෘහස්ත විදුලි භාවිතය ඉහළ ගොස් තිබිය හැකිය.

එමනිසා ඒක් නිවසක භාවිතා කරන විදුලි ඒකක ප්‍රමාණය මින් පෙර මාසවලට වඩා ඉහළ ගොස් ඇති බව ඒම පාරිභොගිකයින්ද දන්නා කරුණකි.

නමුත් ගෘහයක් තුළ පාවිච්චි කරන ලද විදුලි ඒකක ප්‍රමාණයට හැර වෙනත් අමතර කිසිදු ගාස්තුවක් එක් නොකරන ලෙසත්, බිල්පත් ගෙවීම සඳහා ප්‍රමාණවත් කාල සීමාවක් ලබා දෙන ලෙසත්, කිසි සේතම විදුලිය විසන්ධි කිරීමට පියවර නොගන්නා ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලි බල මණ්ඩලයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එමනිසා විදුලි බිල්පත් ගෙවීමේ දී තමන්ට වැඩි මුදලක් එක්වර ගෙවන්නට සිදුවෙතැයි අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

නමුත් විදුලි බිල තමන්ට ලැබීමෙන් පසු ඒම මුදල් කඩිනමින් ගෙවීමට පියවර ගන්නා ලෙස ද විදුලි බල මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලබා දෙන ලද උපදෙස් පරිදි කටයුතු කිරිමට අවශ්‍ය පියවර මේ වනවිට විදුලි බල මණ්ඩලය විසින් ගෙන තිබේ.


News Articles
Latest Videos
Most Popular Post