News Line| Off Air
Generic placeholder image

Apr
26

හෙට ඇඳිරි නීතිය ලිහිල් වන දිස්ත්‍රික්ක වල සැමට නිවසින් බැහැරව යාම හැඳුනුම්පතේ අවසාන අංකය අනුව

451 Views


හෙට ඇඳිරි නීතිය ලිහිල් වන දිස්ත්‍රික්ක වල සැමට නිවසින් බැහැරව යාම හැඳුනුම්පතේ අවසාන අංකය අනුව

දිස්ත්‍රික්ක 21 ක් සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට (27) සිට ලිහිල් කිරිමට නියමිතයි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය තවදුරටත් ලබන මැයි මස 4 වන සඳුදා අළුයම 05.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

එම දිස්ත්‍රික්ක හැරුණු විට සෙසු දිස්ත්‍රික්ක 21 තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට අළුයම 05.00 ට ඉවත් කෙරෙන අතර රාත්‍රී 8 ට යලි ඇදිරි නීතිය පැනවිමට නියමිතයි.

ඉන් පසු මැයි මස පළමු වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා එම දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

කෙසේවෙතත් ජනතාව වැඩි වශයෙන් ගැවසීම පාලනය කිරිමේ අරමුණින් ඇදිරි නීතිය ලිහිල් කෙරෙන ප්‍රදේශවල අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා නිවෙස්වලින් බැහැරව යාමේදී අනුගමනය කළ යුතු නව ක්‍රමවේදයක්ද රජය විසින් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා නිවසින් බැහැරව යාමට පුද්ගලයින් හට අවසර හිමි වනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කර ගනිමින් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ලෙස අංක 1 හෝ 2 ඇති පුද්ගලයින්ට සඳුදා දිනවල නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමිවන අතර අවසන් අංකය 3 හෝ 4 සහිත පුද්ගලයින්ට අඟහරුවාදා දිනයේත්, 5 හෝ 6 සහිත පුද්ගලයින්ට බදාදා දිනයේත් නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමිවනු ඇති.

ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස අංක 7 හෝ 8 සහිත පුද්ගලයින්ට බ්‍රහස්පතින්දා දිනයේත් අවසාන අංකය 9 හෝ 0 සහිත පුද්ගලයින්ට සිකුරාදා දිනයේත් නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමි වනවා.

කිසියම් පුද්ගලයෙකු නිවසින් බැහැරව යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පමණක් වන අතර එවැනි භාණ්ඩ මිලදී ගැනීමට තම ප්‍රදේශයේ පිහිටි පා ගමනින් යා හැකි ආසන්නම වෙළඳසැල පමණක් තෝරාගත යුතු වනවා.


News Articles
Latest Videos
Most Popular Post