News Line| Off Air
Generic placeholder image

Apr
27

ඊයේ දිනය තුළ පමණක් කොරෝනා ආසාධිතයින් 63 ක් වාර්තා වෙයි

851 Views


ඊයේ දිනය තුළ පමණක් කොරෝනා ආසාධිතයින් 63 ක් වාර්තා වෙයි

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 500 ඉක්මවා තිබෙනවා.

ඊයේ(26) මධ්‍යම රාත්‍රී වන විට සමස්ත ආසාදිතයන් 523ක් වාර්තා වුණා.

ඊයේ දිනය තුළ දී පමණක් ආසාදිතයින් 63ක් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවා.

එය මෙතෙක් එක්දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි.

පසුගිය සදුදා සිට ගත වූ දින 06ක කාලය තුළ ආසාදිතයන් දෙසිය පනස් දෙදෙනෙකු හදුනාගැණුනා.

ඉන් වැඩිම පිරිසක් වාර්තා වුයේ වැලිසර නාවික හමුදා කඳවුරෙන්.

මෙරට පළමු වරට රෝගීයෙකු ජනවාරි 27 වාර්තා වු අතර එම ආසාදිතයා චීන ජාතික කාන්තාවක්.

එතැන් සිට පළමු රෝගීන් සිය දෙනා වාර්තාවීම සදහා දින 57ක් ගත වුණා.

දෙවැනි රෝගීන් සිය දෙනා වාර්තාවීමට ගත වුයේ දින 20ක් වන අතර
තෙවැනි රෝගීන් සිය දෙනා දින 08ක් ඇතුලත වාර්තා වුණා.

සිව්වැනි රෝගීන් සිය දෙනා දින 04ක් තුළ දී වාර්තා වූ අතර අවසන් සිය දෙනා වාර්තාවීමට ගත වුයේ දින 02ක් පමණයි.


News Articles
Latest Videos
Most Popular Post