කොරෝනා වෛරස් සබදතා සොයා ගැනීමේ ජංගම දුරකථන යෙදවුමක් ඕස්ට්‍රේලියානු රජය විසින් එරට පුරවැසියන්ට හදුන්වා දී තිබෙනවා.
සිංගප්පූරුවේ හදුන්වාදීමක් මත පදනම්ව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය ගේ‍්‍රග් හන්ට් ඊයේ රාත‍්‍රියේ අදාළ යෙදවුමේ සංඛ්‍යාලේඛණ බාගත කිරීම තහවුරු කළ බව විදෙස් මාධ්‍ය පැවසුවා.
ඒ අනුව දැනටමත් ඕස්ට්‍රේලියාවේ මිලියනයක පමණ පිරිසක් මෙම යෙදවුම බාගත කරගෙන ඇති බව සදහන්.