News Line| Off Air
Generic placeholder image

Apr
28

අද දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ලිහිල් වෙයි

1009 Views


අද දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ලිහිල් වෙයි

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද (28) උදෑසන 5ට ඉවත් කෙරිණි. අද රාත්‍රී 8.00 සිට අදාළ ප්‍රදේශවලට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඊයේ(27) දිනය තුළ ද දිවයිනේ සියලු දිස්ත්‍රික් සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය.

කෙසේවුව ද කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්වලට තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල පුද්ගලයන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනිම සඳහා පිටතට පැමිණිමේ දී තමාගේ හැඳුනුම්පතේ අවසන් අංකයට අදාළව නිකුත් කර ඇති දිනයන් ඒ සඳහා යොදාගන්නා ලෙසයි පොලීසිය ඉල්ලා සිටියි.

ඒ අනුව සදුදා දිනවල නිවසින් බැහැරව යාමට ඉඩ ලැබෙනුයේ අංක 1 හෝ 2 ජාතික හැදුනුම්පතේ අවසන් අංකය ලෙස ඇති පුද්ගලයින්ට පමණක් වෙයි.

මීට අමතරව අංක 3 හෝ 4 සහිත පුද්ගලයින්ට අඟහරුවාදා දිනයේත්, 5 හෝ 6 සහිත පුද්ගලයින්ට බදාදා දිනයේත් නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමිවනු ඇත.

බ්‍රහස්පතින්දා දිනයේ අවසාන අංකය ලෙස අංක 7 හෝ 8 සහිත පුද්ගලයින්ට මෙන්ම සිකුරාදා දිනයේ අවසාන අංකය 9 හෝ 0 සහිත පුද්ගලයින්ට නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමි වෙයි.

දිස්ත්‍රික්ක අතර ගමනාගමනය රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

රැකියා සඳහා පිටත් වන්නන් සහ අත්‍යවශ්‍ය සේවාවල නිරත වන්නන්ට හැඳුනුම්පතේ අවසන් අංකය අදාළ නොවන බව පොලීසිය පැවසුවේය.

ඇදිරි නීතිය ඉවත් කළ කාලය තුළ ද නිරෝධායන නීති උල්ලංඝනය කරන තැනැත්තන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post