උණ, කැස්ස ඇතුළු දැනට පවතින රෝග ලක්‍ෂණ වලට අමතරව කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස ආසාධනයේ තවත් රෝග ලක්‍ෂණ පෙළක් සී.ඩී.සී හෙවත් ඇමෙරිකානු රෝග පාලන මධ්‍යස්ථානය විසින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.
උසස් පරීක්‍ෂණාගාර කි‍්‍රයාවලියකින් අනතුරුව හදුනාගත් එම රෝග ලක්‍ෂණ ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුලත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
සුළු රෝග ලක්‍ෂණ වල සිට බරපතල අසනීප දක්වා වූ එම රෝග ලක්‍ෂණ වෛරසය ආසාධනය වී දින 02 ත් 14 ත් අතර කාලය තුළ මතුවිය හැකි බව ඇමෙරිකානු රෝග පාලන ආයතනය සදහන් කළා.
එම රෝග ලක්‍ෂණ වලට අධික ශීතල සහ නැවත නැවත වෙව්ලීම, මස් පිඩු වේදනාව, හිසරදය සහ රසය හෝ සුවද නොදැනීම අයත් වනවා.
එම රෝග ලක්‍ෂණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් 19 හදුනාගැනීමේ රෝග ලක්‍ෂණ වලට අයත් නොවීම විශේෂත්වයක්.
එහි දක්වා ඇති රෝග ලක්‍ෂණ වන්නේ උණ, වියළි කැස්ස, වෙහෙසකාරී බව, රිදුම් සහ වේදනා, නාසයේ තදවීම, උගුරේ ආසාධන තත්ත්වය හා පාචනයයි.