News Line| Off Air
Generic placeholder image

Apr
28

ගර්භනී මව්වරුන්ට උපදෙස් මාලාවක්

775 Views


ගර්භනී මව්වරුන්ට උපදෙස් මාලාවක්

කොවිඩ් – 19 වසන්ගතය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය මත ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පහත දැක්වෙන අනතුරු සංඥා ඇති ගර්භනී කාන්තාවන් වහාම රෝහල් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි.

උණ, ලේ ගැලීම, දරුණු හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව, පෙනීම දුර්වල වීම, වලිප්පුව (Fits), පපුව/උදර වේදනාව, දරුවා දැඟලීම අඩුවීම, ශරීරයේ ඉදිමීම හෝ වෙනත් තදබල අපහසුතාවයක්.

එමෙන්ම ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා රෝහල්වල තදබදය අවම කළ යුතු අතර සායනවලට සහභාගිවන ගර්භනී කාන්තාවන්ට කලින් වේලාවක් වෙන් කරගෙන සායන වලට යාමට උපදෙස් ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post