News Line| Off Air
Generic placeholder image

Apr
28

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍ර‍තිචාර දැක්වෙන වෙබ් අඩවිය ප්‍ර‍කාශයට පත්කෙරේ

809 Views


ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍ර‍තිචාර දැක්වෙන වෙබ් අඩවිය ප්‍ර‍කාශයට පත්කෙරේ

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍ර‍තිචාර දැක්වෙන www.covid19.gov.lk වෙබ් අඩවිය ප්‍ර‍කාශයට පත් කිරීම කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍ර‍ධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍ර‍ධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර‍ සිල්වා මහතා විසින් ඊයේ (27) වැනි දින සිදු කෙරුණා.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) මඟින් මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක කරනු ලබනවා.

මූලිකව කොවිඩ් 19 සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය එකම වේදිකාවකට ගැනීමේ අරමුණින් එළි දක්වන ලද මෙම වෙබ් අඩවිය මඟින් ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, COVID -19 පැතිරීයාම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව යන ආයතන මඟින් ලැබෙන තොරතුරු‍ අන්තර්ගත කරනු ලැබේ.

COVID -19 පැතිරීයාම වැළැක්වීමට අදාළ සියලු තොරතුරු සහ ක්‍රියාකාරකම්, සොයා ගැනීම් සම්බන්ධ තොරතුරු කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම වෙබ් අඩිවිය ක්‍රියාත්මක වන අතර දේශීය හා ගෝලීය වශයෙන් නවතම යාවත්කාලීන කිරීම් සමඟ නිවැරදි තොරතුරු බාධාවකින් තොරව ජනතාවට ලබාගැනීමට හැකි වන පරිදි නිර්මාණය කර තිබෙනවා.

තවද මෙම වසංගත තත්ත්වය තුළ මෙම වෙබ් අඩවිය සෞඛ්‍යයට අදාළ සංඛ්‍යා ලේඛනවලට පමණක් සීමා නොවන අතර ආර්ථිකය, ආනයන හා අපනයන, සංචාරක, ප්‍රවාහන, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම, සමාජ සුබසාධනය, නීතිය හා සාමය, ආරක්ෂක සහ අධ්‍යාපනය වැනි තොරතුරුවලින් ද සමන්විතයි.


News Articles
Latest Videos
Most Popular Post