News Line| Off Air
Generic placeholder image

Apr
29

කොරෝනා ආසාධනය වී පූර්ණ සුවය ලැබූවන් 134 ක්

618 Views


කොරෝනා ආසාධනය වී පූර්ණ සුවය ලැබූවන් 134 ක්

මෙරටින් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 600 ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ (28) දිනයේ හදුනාගත් නව ආසාදිතයින් 31දෙනා ද සමගින් මෙරටින් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 619ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් 31 දෙනා අතරින් 21 දෙනෙකු නාවික හමුදා සාමජිකයින් වන අතර ඉන් සිව්දෙනෙකු යුද හමුදා සාමාජිකයින් බව සදහන්.

කොවිඩ් 19 ආසාදිතයින් 619ක් අද පෙරවරුව වන විට වාර්තා වන අතර, මෙරට තුළ කොවිඩ් මරණ 07ක් සිදුව තිබෙනවා.

මේ දක්වා වෛරසය අසාදිතව සිට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 134ක්.

තවත් රෝගීන් 478 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

කොවිඩ් 19 වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් කොළඹ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 155ක්.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් 63 දෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 47 දෙනෙක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 41 දෙනෙක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

කුරුණැගල දිස්ත්‍රික්කයෙන් 18 දෙනෙක්, යාපනය දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 12 දෙනෙක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 08 දෙනෙක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 07 දෙනෙක්, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 04 දෙනෙක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තිදෙනෙකු ලෙස ආසාදිතයින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.

එමෙන්ම මාතර, කල්මුණේ, බදුල්ල, වව්නියාව, ගාල්ල, මඩකලපුව, මාතලේ සහ පොලොන්නරුව යන දිස්ත්රිනක්ක වලින් ද ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

මේ අතර පදවි ශ්‍රී පුර ප්‍රදේශයෙන් හඳුනාගත් දෙවැනි කොරෝනා ආසාදිතයා රෝහල්ගත කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post