News Line| Off Air
Generic placeholder image

Apr
29

සියලු හමුදා කඳවුරු නිරීක්ෂණයට පියවර

772 Views


සියලු හමුදා කඳවුරු නිරීක්ෂණයට පියවර

සියලු හමුදා කඳවුරු නිරීක්ෂණය කිරීමට හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා පත් කළ ජනාධිපති විශේෂ කාර්යය සාධක බලකාය තීරණය කර තිබේ.

එහි ප්‍රධානී බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා සඳහන් කළේ, කඳවුරුවල පවතින සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන බවයි.

මීට අමතරව සමාජ දුරස්තභාවය ඇතුළු සෞඛ්‍යය උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ ද යන්න සොයා බැලේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා සඳහන් කළේ, ක්‍රියාත්මක කුඩා කඳවුරු ප්‍රධානින්ද කැඳවා සෞඛ්‍යය ක්‍රමවේද පිළිබඳ දැනුම් දෙන බවයි.

හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා නව ජනාධිපති විශේෂ කාර්යය සාධක බලකායක් කෙරුණි.

ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මග පෙන්වීම අනුව හමුදා කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාවක් තහවුරු කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා මෙම කාර්යයසාධක බලකාය පත්කර තිබේ.

ඊට අමතරව එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ හා අධීක්ෂණය කිරීමේ කාර්යය ද එම බලකායට අයත් වනු ඇති.

ත්‍රිවිධ හමුදාවට අයත් සියලු කඳවුරු නිරීක්ෂණය කොට කඩිනමින් වාර්තාවක් සකස් කරන්නැයි ද ජනාධිපතිතුමා එම විශේෂඥ කණ්ඩායමට දැනුම්දී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post