කොරෝනා වෛරසය හේතුවෙන් පනවා ඇති ඇදිරි නිතිය හේතුවෙන් මේ වන විට බස්නාහිර පළාත තුළ සිරවී සිටින පිරිස් සඳහා වියළි සලාක බෙදාදීම ආරම්භ කර තිබෙනවා. ඊට අවශ්‍ය කටයුතු ආර්ථීක පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධන බලකාය මේ වන විට අවසන් කර තිබෙනවා. ඒ ඒ ග්‍රාම සේවා වසම්හි දැනට සිරවී සිටින පිරිස් පිළිබඳ ග්‍රාම නිලධාරීන් සහ පොලීසියේ මැදිහත්වීම මත එම වියළි සලාකය ලබාදෙන බව කාර්ය සාධක බලාකය දුරටත් සඳහන් කළා.
බෙදා හැරීමට අපේක්ෂිත වියළි සලාක ප්‍රමාණය 39000ක ප්‍රමාණයක්.