News Line| Off Air
Generic placeholder image

Apr
29

තැපැල් කාර්යාල මැයි 4 සිට විවෘත කරයි

467 Views


තැපැල් කාර්යාල මැයි 4 සිට විවෘත කරයි

COVID 19 වසංගතය පාලනය සඳහා රජය විසින් ගනු ලැබු ආරක්ෂිත ක්‍රමෝපායන් අනුව සාමාන්‍ය සේවා අත්හිටුවා තිබු තැපැල් කාර්යාල පද්ධතිය 2020-05-04 දින සිට සාමාන්‍ය රාජකාරි සඳහා සම්පුර්ණයෙන් විවෘත කරන බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී ඇත.

ඒ අනුව 2020 මැයි මසට අදාළ මහජනාධාර මාසික දීමනා, වැඩිහිටි දීමනා ගොවි විශ්‍රාම වැටුප් හා විශ්‍රාම වැටුප් ඇතුළු සියලු ගෙවීම් ද පෙර පරිදිම තැපැල් කාර්යාල කවුළුවල දී ගෙවීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

ජල බිල්පත්, විදුලි බිල්පත් ගෙවීමටත්, දේශීය විද්‍යුත් මුදල් හුවමාරු සිදු කිරීමටත් දේශීය ‍තැපෑල සඳහා ලිපි සහ තැපැල් භාණ්ඩ බාර දීමටත් මේ දින සිට මහජනතාවට ඒ අනුව අවස්ථාව හිමිවෙයි.

සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාව නිසි සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.


News Articles
Latest Videos
Most Popular Post