News Line| Off Air
Generic placeholder image

Apr
29

කොර‌ෝනා ආසාදනයෙන් ලොවපුරා 218000කට අධික සංඛ්‍යාවක් මරුට

907 Views


කොර‌ෝනා ආසාදනයෙන් ලොවපුරා 218000කට අධික සංඛ්‍යාවක් මරුට

ගෝලීය කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන් ගණන අද වනවිට තිස් එක්ලක්ෂ තිස් අට දහස ඉක්මවා තිබේ.‍

වාර්තාවන මරණ සංඛ්‍යාව දෙලක්ෂ දහඅට දහසකට අධිකයි. මේ අතර ඊයේ දිනයේදී බ්‍රසීලයේ සහ රුසියාවේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය කැපීපෙනෙන අයුරින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ලොව සමස්ත ආසාදිතයන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ අමෙරිකාවෙන්. අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් ගණන අද වන විට දැක්වෙන්නේ දස ලක්ෂ තිස් පන්දහස් හත්සිය හැට පහක් ලෙසයි


News Articles
Latest Videos
Most Popular Post