News Line| Off Air
Generic placeholder image

Apr
29

කොරෝනා ආසාධිතයින්ට ප‍්‍රතිකාර කරමින් සිටි අමෙරිකාවේ වෛද්‍යවරියක් සියදිවි නසාගනී

19546 Views


කොරෝනා ආසාධිතයින්ට ප‍්‍රතිකාර කරමින් සිටි අමෙරිකාවේ වෛද්‍යවරියක් සියදිවි නසාගනී

අමෙරිකාවේ නිව්යෝර්ක් හි රෝහලක හදිසි ප‍්‍රතිකාර ඒකකයේ කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ මෙහෙයුමේ යෙදී සිටි ලෝර්නා බි‍්‍රන් නමැති වෛද්‍යවරිය සියදිවි හානිකරගෙන තිබෙනවා.

ආසාධිතයින් මිලියනයද ඉක්මවා ඇති අමෙරිකාවේ මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ඇය ශාරිරිකව හා මානසිකව ඉතා පීඩාවට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කොරෝනා වෛරස් රෝගීන්ට ප‍්‍රතිකාර කරමින් සිටින අතරතුර ඇයටද කොරෝනා වෛරසය වැළදී ඇති මුත් පසුව සුව වීමෙන් අනතුරුවද රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ මෙහෙයුමේ නිරතව සිටි බව වෛද්‍යවරියගේ පියා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සමග අදහස් දක්වමින් කියා තිබෙනවා.

ඇය තම රාජකාරිය කිරීමට උත්සහ කල අතර කොරෝනා විසින් ඇයව මරා දැමූ බව ඇගේ පියා පවසනවා.

රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ මෙහෙයුමේදි ඇති වූ මානසික ආතතිය කොතෙක්ද කියා තම දියණිය ඔවුන් සමග කියා තිබෙන බවත් ඇය ටික දිනක සිට තනිව සිටීමට උත්සහ කළ බවත් ඇගේ පියා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සමග පවසා තිබෙනවා.

කොරෝනා ආසාධිත රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ මෙහෙයුමේ නිරතව සිටි ඇයව වීරවරියක් ලෙස සලකන ලෙස ද ඇගේ පියා ඉල්ලා සිටිනවා.

හදිසි ප‍්‍රතිකාර අංශයේ සේවයේ නිරතව සිටි ලෝර්නා බි‍්‍රන් වෛද්‍යවරිය ඉහළ පරමාදර්ශයක් ගෙනා වීරවරියක් බවත් ඇගේ පවුලේ සාමාජිකයින් පිලිබද අවධානය යොමු කරන බවත් රෝහල් ආචාර්යවරයෙකු සදහන් කළ බව විදෙස් වාර්තා පැවසුවා.

එමෙන්ම කොරෝනා වෛරස් රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී ඇති වන මානසික පීඩා හේතුවෙන් කිසියම් අයෙක් පීඩා විදින්නේ නම්, සියදිවි හානිකර ගැනීමේ අර්බුදයක යෙදී සිටීනම් ජාතික සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දුරකථන අංකයට අමතන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post