News Line| Off Air
Generic placeholder image

Apr
30

කිම් ජොන්ගේ සෞඛ්‍ය වාර්තා ගැන අමෙරිකාවේ දැඩ් අවධානයෙන්

1008 Views


කිම් ජොන්ගේ සෞඛ්‍ය වාර්තා ගැන අමෙරිකාවේ දැඩ් අවධානයෙන්

උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සෞඛ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් පසුවන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි.

මෑතකදී උතුරු කොරියානු නායකයා ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම සහ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරස්පර අදහස් මතුවීම හේතුවෙන් ඒ පිළිබඳව ඉතා අවධානයෙන් පසුවන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.

36 හැවිරිදි කිම් ජොං අන් අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ අප්රේකල් මස 12 වනදා බව සඳහන්.

ඇතැම් විදෙස් මාධ්‍ය පවසන්නේ උතුරු කොරියානු නායකයා කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මුහුද ආසන්නයේ පිහිටි නිවසක ජීවත් වන බවට තොරතුරු ලැබී ඇති බවයි.

එමෙන්ම කිම් ජොං අන්ගේ සෞඛ්‍ය බරපතළ ලෙස පිරිහීමට ලක්ව ඇති බවට ද ඇතැම් වාර්තා පල වී තිබුණි.


News Articles
Latest Videos
Most Popular Post