රඟපාන්න පොර කන චරිත අතරේ ….
රගපාන්නේ නැතුව චරිතයක් වුන
Irrfan Khan…..ඔබට…..සුබ ගමන්…
1967 වසරේ ජනවාරි 7 වනදා රාජස්ථාන් ප්‍රාන්තයේ ජයිපූර් හිදී සහබ්සාදේ ඉර්ෆාන් අලි ඛාන් ලෙස ඔහු උපත ලබනවා.ඔහු පඨාන් පවුලකින් පැවත එන්නෙක්.
ඔහුගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙක් වීම නිසා ඔහු සැපවත් ජීවිතේකට උරුමකම් කියනවා.
ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීමට ඔහුගේ සිහිනයක් තිබුනත් දෙමාපිය අශිර්වාදය නොමැති වීම නිසා ඔහුට එය සිහිනයක්ම පමණක් වෙනවා.
පසුව සිනමාව පිළිබඳ ඔහුගේ හිතේ විශේෂ කැමැත්තක් හට ගන්නවා.
ඔය අතරවාරයේම තමයි ඉර්ෆාන්ට ඔහුගේ සිහිනය සැබෑ කරගන්න අනගි අවස්ථාවක් උදා වෙන්නෙ. ඒ තමයි ඔහුට ජාතික නාට්‍ය පාසලේ (NSD – National School of Drama) ශිෂ්‍යත්වයක් ලැබීම.ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඔහු හදාරමින් හිටිය ශාස්ත්‍රවේදී උපාධියත් අතරමඟ නවත්වලා රංගනය හදාරන්න ඔහු අදහස් කර ගන්නවා.
1988 වර්ෂයේ නාට්‍ය පාසලේ අවසන් වසරේ ඉගෙනුම ලබන සමයේ ඔහුට Mira Nair නම් අධ්‍යක්ෂවරිය යටතේ Salaam Bombay! චිත්‍රපටයේ සුලු චරිතයක් නිරූපනය කිරීමට අවස්ථාව උදා වෙනවා.
එහෙත් එහි සංස්කරණ කටයුතු වලදී අධ්‍යක්ෂවරිය විසින් ඔහුගේ චරිතය චිත්‍රපටයෙන් ඉවත් කරනවා.
ඉන් අධෛයමත් නොවන ඉර්ෆාන් 1994 සිට 1998 දක්වා කාලය තුල නිසි ගෙවීමක් රහිතව රූපවාහිනි මාලා නාටක තුළින් තම දක්ෂතා පෙන්වනවා.
චන්ද්‍රකාන්ත වැනි නාට්‍ය බෙහෙවින් ජනප්‍රිය වුවත් ඔහු ආදරය කලේ සිනමා රංගනය සඳහායි.
ඇතැම් නිෂ්පාදකවරු ඔහුගේ පෙනුමේ සහ හැකියාවේ අඩුපාඩුකම් කීම නිසා ඔහු කලකිරීමට පත් වෙනවා.
රංගනයෙන් ඉවත් වීමටද සිත් පහල වුවත් අවසානයේ සියල්ල විඳ දරා ගනිමින් ඉතාම අඩු වැටුප් ලබමින් දිගටම ක්ෂේත්‍රයේ නියැළෙනවා.
බ්‍රිතාන්‍ය ජාතික Asif Kapadia ගේ The Warrior (2001) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා ඉර්ෆාන්ව තෝරා ගැනෙන්නෙ ඔය අතරවාරයේ. එම චරිතය හරහා සිනමා ක්ෂේත්‍රයේ අවධානය ලබා ගැනීමට ඔහු සමත් වෙනවා.
ඔහු වැඩි වශයෙන් සහය චරිත හෝ දුෂ්ටයාගේ චරිතය නිරූපණය කර තිබූ අතර වඩාත්ම සාර්ථක වුණේ දුෂ්ට චරිත හරහායි.
එම නිසාම Haasil (2004) සිනමාපටය සඳහා හොඳම දුෂ්ටයා ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනාගැනීමට ඔහු සමත් වෙනවා.
ලොව පුරා අතිශය ජනාදරයට පත් Life in a… Metro (2007) හි චරිතය සඳහාද ඔහු Filmfare සම්මානය දිනා ගන්නවා.
The Namesake (2007) චිත්‍රපටයද බොහෝ පැසසුම් ලබනවා.මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ ඔහුගේ පලමු චිත්‍රපට සංස්කරණයේදී ඔහුගේ චරිතය ඉවත් කරන අධ්‍යක්ෂකවරිය වීමද විශේෂත්වයක්.
Billu Barber, The Lunchbox, Life of Pi, Hindi Medium,Haider, Piku ,Madaari , A Mighty Heart ,The Darjeeling Limited,inferno වැනි චිත්‍රපට රැසකට ඔහු රංගනයෙන් දායක වුනා…
ඔස්කා සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනෙන Slumdog Millionaire චිත්‍රපටයටද ඔහු රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.
ඔහු මේ වනවිට හොලිවුඩ් සිනමාවටද ප්‍රවිශ්ට වී අවසන්.
ඉන්දියාවේ උසස්ම සම්මාන අතර සිව්වැනි ස්ථානයේ පවතින පද්ම ශ්‍රී සම්මානය ඉර්ෆාන් ඛාන් විසින් දිනා ගනු ලැබුවේ 2011 වසරේ දීයි. ඒ ඔහු බොලිවුඞ් සිනමාවට සිදු කරන ලද මෙහෙය වෙනුවෙනුයි.
2012 දී ඔහු තම නමේ අක්ෂර වින්‍යාසය “Irfan” සිට “Irrfan” ලෙස වෙනස් කර ගන්නේ ඔහුගේ නමේ ඇති අතිරේක “R” ශබ්දයට ඔහු වඩා ප්රිය කරන නිසා.
1995 පෙබරවාරි 23 දින Sutapa Sikdar සමඟ ඔහු විවාහ දිවියට පත් වනවා.එමෙන්ම ඔහු Babil and Ayan ගේ ආදරණීය පියාත් වනවා.
ඉර්ෆාන් ඛාන් අතිශය දුර්ලභ ගණයේ රෝගයකින් පෙළෙන බව පසුගිය දිනක ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනකින් පවසා තිබුනා. neuroendocrine tumor නමින් හඳුන්වා තිබූ මෙම තත්ත්වය වෛද්‍යවරුන් විසින් එක්තරා දුර්ලභ ආකාරයක පිළිකා රෝගයක් ලෙස නම් කර තිබුනා.
වාර්තා වන අන්දමට ඔහුට වැළඳී ඇත්තේ ස්නායු අන්තරාසර්ග පද්ධති ආශ්‍රිතව හට ගැනෙන පිළිකාවක් වන අතර මේ රෝගය හේතුවෙන් රුධිර සංසරණ පද්ධතියට හෝමෝන නිකුත් කෙරෙන සෛලවලට බලපෑම් කරයි. එමෙන්ම රුධිර සංසරණ පද්ධතියට විවිධ වර්ගයේ හෝමෝන වර්ග ශ්‍රාවය කරනු ලබන හෝමෝන ශ්‍රාවී සෛල අඩපණ කිරීම සහ විනාශ කිරීම සිදු කරන බව සදහන්.
මෙම තත්ත්වය ඇති වන්නේ ලෝක ජනගහනයෙන් 12,000 කින් එක් අයෙකුට පමණක් වන අතර ප්‍රතිශතයක් ලෙස ගත්විට සියයට 0.008 ක් පමණ වනවා.
මෙය සම්පූර්ණයෙන් සුව කළ නොහැකි අතර බාහිරව සිදු කරනු ලබන ප්‍රතිකර්ම මගින් යම්තාක් දුරකට පාලනය කිරීමේ හැකියාව තිබෙන බව වෛද්යවරුන් වැඩි දුරටත් සඳහන් කරනවා.
කෙසේ වුවත් මෙය පාලනය කිරීම ද දීර්ඝකාලීනව සිදු කල නොහැකි වන්නෙ මෙම තත්ත්වය ස්නායු පද්ධතියට බලපානු ලබන්නේ පිළිකා රෝගයේ හතර වැනි අවස්ථාවයි.
ඔහුට වෙලාවේ ප්‍රශ්න නාවා නම් interesteller ,martian ,ghost in the shell වැනි බොහෝ සිනමාපට වල ඔහු දැකගන්නට තිබුණා.
ඒ වෙනුවෙන් අධ්‍යක්ශක Ridley Scott ඔහු හා කීපවරක් සාකච්චා කොට තිබුණා. නමුත් ඉර්ෆාන්ගේ කාලසටහනේ ඊට ඉඩක් නොවීය.. ඒත් ඔහු අනාගතේ දී හෝ scott ගේ සිනමාපටයකට දායක වීමට කැමැත්තෙන් සිටි බව පැවසෙනවා.
ලන්ඩනයේ ප්‍රතිකාර ලැබූ ඔහු කීප වරක් ඉන්දියාවට පැමිණීමේදී රෝද පුටුවක මුහුණ වසාගෙන පැමිණි අවස්තා වාර්තා වුණා.
කෙසේ වුවත් අවසානයේ අමාරු කම් මැද අන්ග්‍රේසී මීඩියම් සදහා ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා. එහෙත් ප්‍රමෝශන් කටයුතු සදහා සෞඛ්‍ය හේතු මත ඔහුට සම්බන්ද වීමට නොහැකි වුණා. සිනමාපටයද කෙතරම් අපූරු එකක් වුවත් කොරෝනා වසංගතයට සිනමාහල් වැසී යෑමෙන් ආදායමට විශාල බලපෑමක් ඇති විය.
කෙසේ වුවත් ඔහු පෙලුණ රෝගී තත්වය 100% සුව නොකල හැකි තත්වයේ සහ පාලනය පමණක් කල හැකි එකක් විණා. දින දෙක තුනකට පෙර ඔහුගේ මව 95 වෙනි වියේදී මෙලොවෙන් සමුගත්තා.නමුත් රටේ වාතාවර්ණය හේතුවෙන් ඉර්ෆාන්ට ඒ අවසන් කටයුතු සදහා හෝ සහභාගී වීමට නොහැකි වී තිබෙනවා.
ඔහු colon infection එකක් හෙවත් බඩේ ඇතිවූ රිදුමක් නිසා රෝහල් ගත කරණු ලැබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.එහිදී ඔහු ICU හි අසාධ්‍යව ප්‍රතිකාර ලබා මෙලොවින් සමුගත්තා.
උපුටා ගැනීම – මුහුණු පොතෙන්