News Line| Off Air
Generic placeholder image

Apr
30

කෘෂි සහ වෙනත් භාණ්ඩ හුවමාරුව සදහා ඩිජිටල් තාක්‍ෂණය යොදා ගැනීම පිලිබද ජනපතිගේ අවධානය

581 Views


කෘෂි සහ වෙනත් භාණ්ඩ හුවමාරුව සදහා ඩිජිටල් තාක්‍ෂණය යොදා ගැනීම පිලිබද ජනපතිගේ අවධානය

ගොවියා, පාරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම්කරු අතර යාන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළෙඳ, පාරිභෝගික සුබසාධන, වැවිලි හා අපනයන අමාත්‍යාංශ ලේකම්වරු සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනය ඇතුළු තවත් ආයතන කිහිපයක නිලධාරීන් සමග විමර්ශන සාකච්ඡාවක් අද (30) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

වෙළෙඳ, අපනයන, පොහොර ඇතුළු සේවා සැපයුම්, තොග සැපයුම්කරුවන්,තොග ගැනුම්කරුවන්, භාණ්ඩ එකතුකරන්නන්, හෝටල් වැනි මහා පරිමාණ ගැණුම්කරුවාගේ සිට දෛනික පාරිභෝගිකයා දක්වා වූ කෘෂි බෝග අලෙවිකරණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණා.

කෘෂි අස්වැන්න සඳහා ඉහළ මිලක් වෙනුවෙන් ගොවියාට තරග කිරීමේ හැකියාව ලබා දීමටද මින් අපේක්ෂා කෙරෙන අතර පහසු සහ සරල තාක්ෂණය භාවිත කරමින් ඕනෑම අයෙකුට ඩිජිටල් හුවමාරුවට සම්බන්ධවීමේ හැකියාව තිබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළා.

මෙහි අවසන් ප්‍රතිඵලය භව බෝගයෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීම බව ජනාදිපතිතුමා පැවසුවා.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, තාක්ෂණය මගින් යා කරමින් ගොවියා සහ ගැනුම්කරුවා පහසුවෙන් සම්බන්ධ කිරීමට ද ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගත හැකියි. එමගින් අතරමැදියාගෙන් ලැබෙන මුදලට වඩා වැඩි මිලක් ගොවියාට ලබා ගැනීමට ද හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රටේ පාරිභෝගික අවශ්‍යතා සමීක්ෂණයට ද මේ ක්‍රමය දායක කරගත හැකියි.

මධ්‍යම ගමනා ගමන මණ්ඩලය, දුම්රිය සහ තැපැල් දෙපාර්තමේන්තුවද ඩිජිටල් තාක්ෂණ මෙහෙයුම් ප්‍රවාහන ක්‍රියාවලියට එක් කරගත යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළා.

අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post