News Line| Off Air
Generic placeholder image

May
1

ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගෙන් නව දෙනෙකු නාවික හමුදා සාමාජිකයින්

627 Views


ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගෙන් නව දෙනෙකු නාවික හමුදා සාමාජිකයින්

ඊයේ (30) දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගෙන් නව දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා.

එම ආසාදිතයින් වැලිසර නාවික හමුදා කදවුරෙන් සහ වෙනත් ප්‍රදේශවලින් වාර්තා වන බව ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවල සිටි සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු ද ආසාදිතයින් අතර වනවා.

අනෙක් ආසාදිතයින් දෙදෙනා ද නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post