News Line| Off Air
Generic placeholder image

May
1

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ඇතුළත් උපදෙස් මාලාවක්

1044 Views


සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ඇතුළත් උපදෙස් මාලාවක්

රට තුළ උද්ඝතව ඇති කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ඇතුළත් උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

හැකිතාක් දුරට නිවස මූලික කරගත් ආමිස සහ ප‍්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය දෙමින් කටයුතු කළ යුතු බව එම නිවේදනයේ සදහන්.

එමෙන්ම විහාරස්ථාන තුළ පුද්ගල දුරස්තභාවය තබා ගැනීමට අසීරු වන පිරිස් ගැවසෙන ආමිස සහ ප‍්‍රතිපත්ති පූජා පැවැත්වීමෙන් වළකින ලෙසයි එම උපදෙස් මාලාවේ අඩංගු වන්නේ.

වෙසක් උත්සවය සම්බන්ධව සිදුකරන වෙළදාම් කටයුතු ද අදාල සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් සිදුකරන ලෙසද අදාල නිවේදනයේ සදහන්.


News Articles
Latest Videos
Most Popular Post