News Line| Off Air
Generic placeholder image

May
2

ලොවපුරා කොරෝනා මරණ 239500 ඉක්මවයි

621 Views


ලොවපුරා කොරෝනා මරණ 239500 ඉක්මවයි

කොවිඩ් – 19 හේතුවෙන් අද වන විට ලොවපුරා සිදුව ඇති මරණ ගණන 239,500 ඉක්මවයි. ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයන් ගණන මිලියන 3.4 ඉක්මවද්දී සුවය ලබා ඇති සංඛ්‍යාව මිලියනයකට අධිකයි.

ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් පිරිසක් වාර්තා වන අමෙරිකාවෙන් ඊයේත්, අලුතින් ආසාදිතයින් 36,007 ක් වාර්තා වී තිබේ.

ඊයේ දිනය තුළ පමණක් එරටින් වාර්තා වූ මරණ ගණන 1,897 කි.

මේ අතර රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පර්යේෂණාත්මක ප්‍රතිවෛරස් ඖෂධයක් වන රෙමෙඩිසිවර් භාවිත කිරීම සඳහා අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය අද අනුමැතිය ලබාදුන්නේය.

එහි නිෂ්පාදකයා වන ගිලියද් සයන්ස් අමෙරිකානු ජෛව තාක්‍ෂණ සමාගම දැනටමත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ඖෂධ කුප්පි මිලියන 1.5ක් පරිත්‍යාග කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post