News Line| Off Air
Generic placeholder image

May
2

සුවය ලැබු අයෙකුට යළි කොරෝනා වෛරසය ආසාදනය වෙයි

692 Views


සුවය ලැබු අයෙකුට යළි කොරෝනා වෛරසය ආසාදනය වෙයි

ජාඇල, කපාලකන්ද ප්‍රදේශයේදී හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු සුවය ලබා නිවසට ගොස් සිටියදී යළි ආසාදනයට ලක්ව ඇති බවට අනාවරණය වී තිබේ. ඉතාලියේ සිට පැමිණි අයෙකු ඇසුරු කිරිම හේතුවෙන් එම පුද්ගලයා ආසාදනයට ලක්ව පසුගිය අප්‍රේල් මාසයේ රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

පසුව ඔහු අප්‍රේල් 16 වනදා සුවය ලබා නිවසට ගොස් තිබේ.

එහිදී ඔහු තවදුරටත් දින 14ක් නිවසේ ස්වයං නිරෝධායනයට ලක් කර තිබූ බව වාර්තා වෙයි.

එහෙත් පසුගිය අප්‍රේල් 30 වනදා අදාල පුද්ගලයා යළි රෝගාතුරවිම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු නැවත පී.සී.ආර් පරික්ෂාවකට ලක් කර තිබේ.

ඒ අනුව එම පුද්ගලයා කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයෙකු බවට යලි හදුනා ගැනිමෙන් පසු අයි.ඩී.එච් රෝහලට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් අදාල නිවසේ සාමාජිකයින් දින 21ක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post