News Line| Off Air
Generic placeholder image

May
3

දිස්ත්‍රික්ක 4ක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට උදේ ඉවතට

923 Views


දිස්ත්‍රික්ක 4ක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට උදේ ඉවතට

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය හෙට(04) අළුයම 05.00ට ඉවත් කෙරෙයි. එදිනම රාත්‍රි 08.00ට ඇඳිරි නීතිය පනවන අතර මැයි 06 වන බදාදා තෙක් රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

මැයි 06 වන බදාදා රාත්‍රී 08.00ට ඇඳිරි නීතිය පැනවිමෙන් පසු එම දිස්ත්‍රික්කවලට මැයි 11 වන සඳුදා අළුයම 05.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මැයි 11 වනදා තෙක් ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

11 වනදා සිට එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජිවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post