News Line| Off Air
Generic placeholder image

May
3

පරිප්පු සහ සැමන් වලට පැනවූ උපරිම සිල්ලර මිල ඉවත් කෙරේ

905 Views


පරිප්පු සහ සැමන් වලට පැනවූ උපරිම සිල්ලර මිල ඉවත් කෙරේ

මයිසූර් පරිප්පු සහ ටින් කළ මාළු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය මාර්තු මස 17 වනදා මයිසූර් පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 65ක් සහ ග්‍රෑම් 425 මාළු ටින් එකක් රුපියල් 100 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබුවා.

එහෙත් එම අධිකාරිය නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් එම උපරිම මිල සීමාව ඉවත් කර තිබෙනවා.

කෙසේ වුවද ලොකු ළුණු කිලෝග්‍රෑම් එකක් සඳහා නියම කළ රුපියල් 150 ක සිල්ලර මිල තවදුරටත් ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post