ඊයේ(03) රාත්‍රී 11.15 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 718 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේ ආසාදිතයින් 12 දෙනෙක් සුවය ලැබු අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 184ක් දක්වා ඉහළ ගියේය.
මේ වන විට පුද්ගලයින් 527 දෙනෙක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.
ලංකාවේ කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.