News Line| Off Air
Generic placeholder image

May
4

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

718 Views


ජාතික වෙසක් සතිය  අදින් ඇරඹේ

‍ජාතික වෙසක් සතිය අදින්(04) ආරම්භ වෙනු ඇත. ඒ අනුව අද දිනයේ සිට එළඹෙන 08 වනදා දක්වා ජාතික වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙහි ජාතික උත්සවය හොරණ ගෝනපල ඔලබොඩුව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

කෙසේවෙතත් පවතින වෛරස් රෝග තත්ත්වය හමුවේ සීමිත පිරිසක් මෙම ජාතික උත්සවය සඳහා එක්කර ගැනිමට නියමිත බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, සෑම බෞද්ධ නිවසකම බෞද්ධ කොඩියක් එසවීමට අද සිට කටයුතු කරන ලෙසයි.

මේ අතර මෙවර වෙසක් උත්සවය සැමරීමේ දී ජනතාව විසින් අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේ.

රටේ උද්ගතව ඇති කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තියෙන් ජනතාව ආරක්ෂා කරගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම උපදෙස් මාලාව ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ඒ අනුව නිවස මූලික කරගත් ආමිස සහ ප්‍රතිපත්ති පුජාවල නිරතවන ලෙසත් පුද්ගල දුරස්ථභාවය පවත්වාගනිමින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් පිරිත් සහ ධර්ම දේශනා වැඩසටහන් සංවිධානය කිරීමත් සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වෙසක් කලාප, දන්සැල්, තොරණ ඇතුළු ජනතාව ඒකරාශී වන වැඩසටහන් පැවැත්වීමෙන් වලකින ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post