News Line| Off Air
Generic placeholder image

May
4

ඩෙංගු සහ මී උණ රෝග සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක්

604 Views


ඩෙංගු සහ මී උණ රෝග සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක්

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා ගනු ලබන සෞඛ්‍ය රක්ෂිත ක්‍රමවේද හා සමානවම සෙසු වෛරස රෝග තත්ත්වයන් පාලනය කිරිම සඳහා ද අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මේ වන විට මෙරට තුළ ඩෙංගු සහ මී උණ රෝග සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව ඔවුන් පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙම අදහස් පල කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, මෙම වසර තුළ පමණක් ඩෙංගු රෝගීන් 18000 ක් පමණ වාර්තා වී ඇති බවයි.

මේ අතර, මී උණ හේතුවෙන් පුද්ගලයින් 100 ක් පමණ මිය ගොස් ඇතියිද පැවසු ඒ මහතා කොරෝනා වෛරසයෙන් මේ වන විට මිය ගොස් ඇති පිරිසට වඩා එම ප්‍රමාණය බෙහෙවින් ඉහළ අගයක් ගනු ඇතැයි ද කියා සිටියේය.

කොරෝනා මර්දනයට ගනු ලබන සෞඛ්‍ය ක්‍රම‍වේදයන් හා සමානවම ඩෙංගු හා මී උණ වැනි රෝගී තත්ත්වයන් පාලනය කිරීම සඳහා කටයුතු නොකළ හොත් සමාජයේ විශාල සෞඛ්‍ය ගැටළුවක් ඉදිරියේ දී ඇති විය හැකි බවද ඒ මහතා පවසීය.

මේ අතර පළාත් පාලන ආයතන තුළ කුණු කසල එකතු කිරිමේ ගැටළුවක් මේ මොහොතේ පවතින බවද ඒ මහතා සඳහන් කරයි.

එම ස්ථානයන්හි විශේෂයෙන් නොදිරන කුණු කසල එකතු වීම හේතුවෙන් ඩෙංගු බෝවීමේ ප්‍රවණතාවයක් ඇති ව තිබෙන බවද පැවසු ඒ මහතා මෙයට ඉතා ඉක්මනින් විසඳුම් යෙදිය යුතු බවත් පෙන්වා දුන්නේය.


News Articles
Latest Videos
Most Popular Post