News Line| Off Air
Generic placeholder image

May
6

11 වෙනිදා රට යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාමාර්ග ගැන ජනපතිගේ විමසුමට

685 Views


11 වෙනිදා රට යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාමාර්ග ගැන ජනපතිගේ විමසුමට

මැයි 11 වන සඳුදා සිට කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විමසුමට ලක් කර තිබේ.

සෞඛ්‍ය අංශ ඇතුළු රජය නියම කර ඇති නිර්දේශයන්ට අනුකූලව රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ සියලු සේවා ඇරඹීමට පියවර ගත යුතු බවයි ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ.

පළාත් ආණ්ඩුකාරවරු සහ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරු සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබේ.

ආයතන ක්‍රියාකාරිත්වය පිළිබද සවිස්තරාත්මක සැලසුම් සෞඛ්‍ය අංශවලට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් පළාත් ආණ්ඩුකාරවරුන්ට සහ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දි ඇති බව සදහන්.

පොදු ප්‍රවාහන කටයුතු නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් පවත්වාගෙන යාමේ වැදගත්කම ද ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා මෙහිදි අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

ජාතික හැදුනුම්පත්, ගුවන් ගමන් බලපත් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉදිරි කාර්යයන් පිළිබදව ද එහිදි අවධානය යොමුව තිබේ.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ නිර්දේශ මත ග්‍රාමීය ප්‍රදේශවල තෝරාගත් පාසල් විවෘත කිරීමේ හැකියාව සොයා බැලීමට ද මෙහිදි තිරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මී උණ සහ ඩෙංගු වැනි රෝග ආශ්‍රිතව ඉදිරියේ දී පැන නැගිය හැකි සෞඛ්‍ය ගැටලු ගැන දැඩි අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ බළධාරින් වෙත මෙහිදි උපදෙස් ලබා දි ඇති බව සදහන් වේ.


News Articles
Latest Videos
Most Popular Post