News Line| Off Air
Generic placeholder image

May
6

අද රාත්‍රී 8 සිට මැයි 11 වනදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

589 Views


අද රාත්‍රී 8 සිට මැයි 11 වනදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

අද(06) රාත්‍රී 8 සිට එළැඹෙන මැයි 11 වනදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙනවා.

මේ අතර හෙට සිට මැයි 11 වනදා දක්වා පිටකොටුව මැනිං වෙළෙඳපොළ වසා තැබෙන බව එහි වෙළඳ සමිතිය සඳහන් කළා.

කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 21 හි ඇඳිරි නීතිය අදත් අලුයම 5ට ලිහිල් කෙරුණා.

මෙම දිස්ත්‍රික්ක 21 සඳහා අද රාත්‍රී 8ට යළි ඇඳිරි නීතිය පැනවීමත් සමග එළැඹෙන මැයි 11 වනදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

මැයි මස 11 වනදා සඳුදා සිට ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ ආයතන විවෘත කිරීම සඳහා ඉඩ දීමට රජය තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post