News Line| Off Air
Generic placeholder image

May
7

සම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයි

1428 Views


සම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයි

සම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනය අදට (07) යෙදී තිබේ. ශ්‍රී ලංකාවාසී සැදැහැවත් ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරතවෙමින් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සෑම වසරකම වෙසක් සැමරීම සිදු කරනු ලබයි.

එහෙත් මෙවර කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් ආගමික කටයුතු නිවෙස්වලට පමණක් සීමා කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය 04 වන දින සිට ජාතික වෙසක් සතියක් ප්‍රකාශයට පත් කිරිමට රජය පියවර ගත් අතර රාජ්‍ය වෙසක් දින සැමරුම ඊයේ පෙරවරුවේ අරලියගහ මන්දීරයේදී පවත්වනු ලැබුවේය.

“ආරෝග්‍යා පරමාලා ලාභා සංතුෂ්ටින් පරමං දනං” යන තේමාව යටතේ මෙවර රාජ්‍ය වෙසක් දින සැමරුම් උත්සවය සිදු වූ අතර වෙසක් උත්සවයට සමගාමීව මුද්දර 04ක් සහ මුල්දින කවර 02ක් එළිදැක්වීම සිදු කර ඇත.

සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙවර වෙසක් සැමරුම අර්ථාන්විතව සිදු කරන ලෙස මහා සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් දන්සල් හා තොරණ ආදිය මෙවර සංවිධානය කිරිමෙන් වලකින ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.

බුදුන් වහන්සේ දේශනා කළ පරිදි පසුතැවිල්ලට හේතු වන දේ නොකිරිමෙන් ඉදිරි මඟ යහපත්ව සකසා ගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ආපදාසන්න මොහොතේ බොදු වත්පිළිවෙත් සේම කොරෝනා නිවාරණ පිළීවෙත්ද පිළීපදිමින් රටත් ජනතාවත් සුවපත් කිරිමට අධිෂ්ඨාන කර ගත යුතු බවයි.

වෙසක් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ වෙසක් සැමරිය යුත්තේ වසංගතයෙන් මුදා ගැනිම සදහා කළ සටනේ ජයග්‍රහණය රැකෙන ආකාරයෙන් බවයි.

වසර දෙදහස් ගණනාවක් තිස්සේ ධර්මානූකූල ජිවිතයත් ගත කළ බෞද්ධයාට නිවසේ සිටම ආමිස පූජාවෙහි ද ප්‍රතිපත්ති පුජාවෙහි ද යෙදීමට තරම් ශික්ෂණයක් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.


News Articles
Latest Videos
Most Popular Post