ඊයේ (06) රාත්‍රී 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 797 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 215 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට ආසාදිතයින් 573 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.