වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් සිරකරුවන් 228 දෙනෙකුට ජනපති පොදු සමාව යටතේ නිදහස හිමිව තිබෙනවා.
සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි පිරිසකට මෙලෙස නිදහස හිමි වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් එම්.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතා පැවසුවා.
නිදහස හිමි වූ පුද්ගලයින් අතර කාන්තාවන් සිව් දෙනෙකු වන බව සඳහන්.
මීට අමතරව අධිකරණ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල මත තවත් සිරකරුවන් 62 දෙනෙකුට නිදහස හිමිව තිබෙනවා.
බලපත්‍ර මත නිදහස් කිරිමේ ක්‍රමවේදයට අනුව මෙම නිදහස හිමිව ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් එම්.ජේ ඩබ්ලිව් තෙන්නකෝන් මහතා සඳහන් කළා.