News Line| Off Air
Generic placeholder image

May
8

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 824ක් දක්වා ඉහළට

512 Views


මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 824ක් දක්වා ඉහළට

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 824 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය. ඊයේ (07) දිනය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 27 දෙනෙකු හදුනාගෙන තිබේ.

ඊයේ පස්වරුවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 7 දෙනෙකු හදුනාගැනුණු අතර රාත්‍රී තවත් පුද්ගලයින් 20 දෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 232 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

පුද්ගලයින් 583 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 9 ක් වාර්තා වී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post