News Line| Off Air
Generic placeholder image

May
8

දිවයින පුරා ඇඳිරි නීතිය උල්ලංඝනය කළ සමස්ථ පුද්ගලයින් ගණන 48,725 ක්

565 Views


දිවයින පුරා ඇඳිරි නීතිය උල්ලංඝනය කළ සමස්ථ පුද්ගලයින් ගණන 48,725 ක්

අද (08) උදෑසන 6න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයින් 859 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාහන 206ක් එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

ඒ අනුව ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් ගණන 48,725ක් වන අතර පොලිස් භාරයට ගත් සමස්ථ වාහන ගණන 12,654ක්.

මාවතගම පොලිස් ස්ථානය මගින් පමණක් ඉකුත් දින කිහිපයේ ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව ගමන්ගත් යතුරුපැදි 70ක් සිය භාරයට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post