News Line| Off Air
Generic placeholder image

May
8

තායි සංචාරක කදවුරු වල සාගින්නෙන් පෙලෙන අලි ඇතුන් නැවත ස්වභාවික වාසස්ථාන වෙත

1195 Views


තායි සංචාරක කදවුරු වල සාගින්නෙන් පෙලෙන අලි ඇතුන් නැවත ස්වභාවික වාසස්ථාන වෙත

කොරෝනා වෛරසය ලොවපුරා ව්‍යාප්තව ඇති අතර ගෝලීය වශයෙන් සංචාරක ව්‍යාපාරයටද මෙය බෙහෙවින් බලපා තිබෙනවා.

මේ හේතුවෙන් තායි සංචාරක කදවුරු වල සිටින අලි ඇතුන් බලධාරීන්ට තවදුරටත් පෝෂණය කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙම සාගින්නෙන් පෙළෙන අලි ඇතුන් නැවත ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වෙත යැවීමට එම බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙලෙස අලි ඇතුන් 4000 ක පමණ ප‍්‍රමාණයකට සාගින්නෙන් පෙළීමට සිදුව ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් අභයභූමි සියල්ලම වසා දැමීමට බල කිරීමෙන් පසු ආදායම් නොලැබීම හේතුවෙනුයි.

අග්නිදිග ආසියානු රටවල අලි ඇතුන් වැනි යෝධ සතුන් ජනපි‍්‍රය සංචාරක ආකර්ශණයක් වන බැවින් මෙලෙස ඒවා වසා දැමීමට සිදුවීම එහි ආර්ථිකයට විශාල වශයෙන් බලපා තිබෙනවා.

කෙසේ වෙතත් කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් අලි ඇතුන් 100 කට වැඩි පිරිසක් සැතපුම් 95 ක් ආපසු සිය ස්වභාවික වාසස්ථාන වලට ඇවිදිමින් සිටින බවත් Save Elephant Foundation මගින් ඒ සදහා සහය දෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post