අද පස්වරු 6.30 වන තෙක් කිසිදු කොරෝනා ආසාධිතයෙකු වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ ආසාධිතයින් ගණන 824 ක්.
ඉන් 575 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන අතර 240 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා.
මෙරට කොරෝනා ආසාධනය වී මියගිය සංඛ්‍යාව 09 ක්.