නව කොරෝනා ආසාධිතයින් 11 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග මෙරට කොෙරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 835 දක්වා ඉහළගොස් තිබෙනවා.
මෙම ආසාධිතයින් 11 දෙනාම නාවික හමුදා කදවුරේ සාමාජිකයින් බව හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද‍්‍ර සිල්වා මහතා සදහන් කළා.
කොරෝනා ආසාධිත වී සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 240 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 586 ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ.