News Line| Off Air
Generic placeholder image

May
9

11 වනදා සිට කොටස් වෙළඳපොළ විවෘත කරයි

788 Views


11 වනදා සිට කොටස් වෙළඳපොළ විවෘත කරයි

කොටස් වෙළඳපොළ එළඹෙන 11 වන සඳුදා සිට විවෘත කිරීමට නියමිතව ඇති බව කොළඹ කොටස් වෙළඳපොළ නිවේදනය කරයි.

කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කටයුතු මැයි 11 දින සිට යළි ආරම්භ කිරීමට ගෙන ඇති රජයේ තීරණයට අනුව කොටස් වෙළඳපොළ ද මෙලෙස විවෘත කිරීමට තීරණය කර තිබේ.

මේ පිළිබඳව නිවේදනය කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජයවර්ධන පවසන්නේ පැය 2ක කාලයකට පමණක් ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොල මැයි 11 සිට විවෘත කෙරෙන බවයි.

මේ අනුව පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා දෛනික ගනුදෙනු ක්‍රියාත්මක වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post