News Line| Off Air
Generic placeholder image

May
10

හෙට සිට අවධානම් දිස්ත්‍රික්කවල ජන ජීවිතය, ආයතන ක්‍රියාකාරිත්වය යථාතත්ත්වයට

3300 Views


හෙට සිට අවධානම් දිස්ත්‍රික්කවල ජන ජීවිතය, ආයතන ක්‍රියාකාරිත්වය යථාතත්ත්වයට

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය තිබියදි ජන ජිවිතය හා ආයතනික ක්‍රියාකාරිත්වය හෙට(11) සිට යථාතත්වයට පත් කිරීමට නියමිතව තිබේ.

එම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවා හෙට සිට විවෘත කර පවත්වා ගෙන යායුතු බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

රාජකාරි සඳහා යළි සක්‍රීය වන ආයතන පවත්වාගෙන යාමේදී කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ අනුගමනය කිරිම අනිවාර්යය වෙයි.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සහ සේවයට කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කළ යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය උපදෙස් ලබා දි ඇත.

මහජනතාව අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක්රැස්වීම තහනම් වන අතර ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය, රැකියා කටයුතු සඳහා ගමන් කරන අයට පමණක් සීමා කර තිබේ.

අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළයුතු අය හැර සෙසු ජනයා රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටිය යුතු වෙයි.

කවරෙකු හෝ නිවසින් බැහැර යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමේ කටයුතු සඳහා පමණක් වන අතර එම සෑම අවස්ථාවකම වෛරස පාලනයට නියම කර ඇති සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.‍

හෙට සිට ජනජිවිතය යථාතත්වයට පත් කිරිමේ වැඩපිළිවෙළ සහ නිරෝධායන රෙගුලාසි ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය අද(10) නිකුත් කිරිමට ද නියමිත බව වාර්තා වෙයි.


News Articles
Latest Videos
Most Popular Post